Sunday, February 28, 2010

චින දුරකතන..

ඉතින් චීන ජංගම දුරකථන පිළිබඳ තමයි අද මාතෘකාව උනේ මගේ..එකට හේතුව තමා ඉතින් මට ටික දවසකට පාවිචිචි කරන්න මේ රටේ හදපු දුරකතනයක් මට හම්බවුන එක. :D



බයවෙන්න එපා..මේ වගේ එකක් නෙමේ මට හම්බුනේ.. ;)
පාවිච්චි කරපු ටික දවසට නම් අවුලක් තේරුනෙ නැ..එත් කැමරා කොලිටිය එහෙම නම් කියල වැඩක් නැ...ගන්න දෙයක් නැ. :D
හැබැයි එකටත් එක්ක සවුන්ඩ්ස් නම්...පොකට් රේඩියො එකක් දාල වගේ..ඩිස්ප්ලේ එකත් එච්චරම නම් අවුලක් නැ. මේ දුරකතන ලංකාවෙ ප්‍රසිද්ද ඉතින් ටී.වී. ෆෝන් කියලනේ.. බෝඩිම් ජිවිත ගත කරන අයට නම් මෙවැනි දුරකතනයක් භාවිතය ගොඩක් ප්‍රයොජනවත්.
කොහොම උනත් ලොකු ආකල්පයක් තියනවනෙ චින රටේ දුරකතන හරි නැ කියලා..එත් ඉතින් දැන් Made By නොකියා කියලා එන දුරකතනත් චිනෙලුනෙ හදන්නෙ..

චින දුරකතනෙ හිතට ඇල්ලුවත් නොකියා , සොනි එරික්සන් වගේ නම් හිතට ඇල්ලුවෙ නැ..මන් හිතනවා පරිස්සමින් පාවිච්චි කලොත් වැඩි කලක් පාවිච්චි කරන්න පුලූවන් වෙයි කියලා..චින දුරකතන ගැන කතා කලාම නම් ඉතින් අමතක කරන්න බැරි නගරයකුත් තියනවනෙ,නේද?චිනෙ වත් තියනවද දන්නෙ නැ එච්චර දුරකතන කඩ සහ දුරකතන. :D

දුරකතන ගැන කතාකරනකොටනේ මතක් උනේ..දැන් ටිගෝ , එටිසලාට් වෙලා.. අරාබි සමාගමක් ලුනෙ දැන් පාලනය කරනව කියන්නෙ. කොහොමින් කොහොම හරි සෙල්ටෙල් ටිගො උනා,ටිගො එටිසලාට් උනා..ඉදිරියට මොනව වෙයිද මන්ද,අයියල ටික දැන් නගරයක් නගරයක් ගානෙ බෝඩ් එහෙම ගහල ප්‍රචාරක කටයුතු පටන් අරන්.මෙයාල 3G එහෙමත් දෙනවයි කියන්නේ..
කවුරු කොහොම කිවුවත් මොබිටෙල් තමා බෙස්ට්..

චිනෙන් පටන් අරන් සැහෙන රවුමක් ආවා වගේ.. :D

චින දුරකතන ගැන මොනව හරි වැඩි යමක් තියනව නම් (මෘදුකාංග එහෙම) එ අදහස් මාත් එක්ක බෙදා ගන්න,හොදේ?....

8 comments:

Kanishka said...

බලපන්.. උඔ කියනකන්ම හිතන් හිටියෙ අරක තමා පෝං එක කියල :D මෙහෙමයි.. චීන ජංගම දුරකතන වල එක හොඳක් තියේ.. නැති උනත් දුක නෑ :P

Prabhath said...

චීන දුරකතන ගැන කතාව පටන් ගත්තට ඇටිකෙහෙල් වලින් නෙද ඉවර උනෙ? ;)
ඇටිකෙහෙල් 3ජී වල අන්තර්ජාල පැකෙජ එහෙම කොහොමද දන්නෙ නෑ...
කොහොම උනත් අපේ දේ වටින්නෙ අපිටනෙ.අපි දන්න අපේ මොබිටෙල් හොදයි මම හිතන්නෙ...

සම්පත් සඳරුවන් said...

@ කණී : ඒකනෙ කණි,උබලා බයවෙන නිසා තමා එහෙම යටින් දැම්මේ :D

Sanj said...

මොනා උනත් චීනෙන් ගන්න තියෙන ආදර්ශ එම‍ටයි නේද?

බලමු බලමු ඇටිකෙහෙල් මොනාද දෙන්නේ කියලා.....

Chamith Kanchana said...

මට නම් chinees 4න් පේන්න බෑ.ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ යා. :D ඒක තමයි බන් Made by Nokia චයිනීස් තමා.හැබැයි Cricket match 1ක් තියෙනකොට නම් Chainees 4න් නැතුවම බෑ.

Nipuna chandimal said...

එටිසලාට් බිස්නස් මන්ස් ලට special ලු .. අරාබියෙ ඉන්නෙ උන්නෙ

Anonymous said...

එටිසලාට් හොදයි ඔටුවන්ට මල් කඩන්න :D
චීන දුරකතන ගැන කියනවා නම් සිගිති පාවිච්චියට හොදා ..මගේ වගේ rock solid වැඩ වලටනම් හරියන් නෑ

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

සිරාවටම මගේ සොනි එරික්සන් එක වගේ චීන එකක් පාවිච්චි කලොත් දවසක්වත් තියේවි කියල හිතෙන්නෙ නැ..

Post a Comment

 
බ්ලොග් තේමාව නිර්මාණය කලේ : සම්පත් සඳරුවන්...