Sunday, February 28, 2010

චින දුරකතන..

ඉතින් චීන ජංගම දුරකථන පිළිබඳ තමයි අද මාතෘකාව උනේ මගේ..එකට හේතුව තමා ඉතින් මට ටික දවසකට පාවිචිචි කරන්න මේ රටේ හදපු දුරකතනයක් මට හම්බවුන එක. :D



බයවෙන්න එපා..මේ වගේ එකක් නෙමේ මට හම්බුනේ.. ;)
පාවිච්චි කරපු ටික දවසට නම් අවුලක් තේරුනෙ නැ..එත් කැමරා කොලිටිය එහෙම නම් කියල වැඩක් නැ...ගන්න දෙයක් නැ. :D
හැබැයි එකටත් එක්ක සවුන්ඩ්ස් නම්...පොකට් රේඩියො එකක් දාල වගේ..ඩිස්ප්ලේ එකත් එච්චරම නම් අවුලක් නැ. මේ දුරකතන ලංකාවෙ ප්‍රසිද්ද ඉතින් ටී.වී. ෆෝන් කියලනේ.. බෝඩිම් ජිවිත ගත කරන අයට නම් මෙවැනි දුරකතනයක් භාවිතය ගොඩක් ප්‍රයොජනවත්.
කොහොම උනත් ලොකු ආකල්පයක් තියනවනෙ චින රටේ දුරකතන හරි නැ කියලා..එත් ඉතින් දැන් Made By නොකියා කියලා එන දුරකතනත් චිනෙලුනෙ හදන්නෙ..

චින දුරකතනෙ හිතට ඇල්ලුවත් නොකියා , සොනි එරික්සන් වගේ නම් හිතට ඇල්ලුවෙ නැ..මන් හිතනවා පරිස්සමින් පාවිච්චි කලොත් වැඩි කලක් පාවිච්චි කරන්න පුලූවන් වෙයි කියලා..චින දුරකතන ගැන කතා කලාම නම් ඉතින් අමතක කරන්න බැරි නගරයකුත් තියනවනෙ,නේද?චිනෙ වත් තියනවද දන්නෙ නැ එච්චර දුරකතන කඩ සහ දුරකතන. :D

දුරකතන ගැන කතාකරනකොටනේ මතක් උනේ..දැන් ටිගෝ , එටිසලාට් වෙලා.. අරාබි සමාගමක් ලුනෙ දැන් පාලනය කරනව කියන්නෙ. කොහොමින් කොහොම හරි සෙල්ටෙල් ටිගො උනා,ටිගො එටිසලාට් උනා..ඉදිරියට මොනව වෙයිද මන්ද,අයියල ටික දැන් නගරයක් නගරයක් ගානෙ බෝඩ් එහෙම ගහල ප්‍රචාරක කටයුතු පටන් අරන්.මෙයාල 3G එහෙමත් දෙනවයි කියන්නේ..
කවුරු කොහොම කිවුවත් මොබිටෙල් තමා බෙස්ට්..

චිනෙන් පටන් අරන් සැහෙන රවුමක් ආවා වගේ.. :D

චින දුරකතන ගැන මොනව හරි වැඩි යමක් තියනව නම් (මෘදුකාංග එහෙම) එ අදහස් මාත් එක්ක බෙදා ගන්න,හොදේ?....

Wednesday, February 3, 2010

ශ්‍රි ලංකාවේ රියදුරු පුහුණු පාසල් වල ඇති අඩුපාඩුවක්..


ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග්1 පැත්තේ ආවා මම.අද නම් ආවේ මම, ශ්‍රි ලංකාවේ රියදුරු පුහුණු පාසල් වල ඇති පොඩි අඩුපාඩුවක් ගැන මගෙ අදහසක් කියන්න..කොයිතරම් දුරට මම නිවැරදිද කියන්න බැ.ඔයාලත් හිතලා බලන්නකො මේ ගැන....
සිද්දිය උනේ නම් අපේ නිවසට ඉතා ආසන්න මාර්ගයක.අවුරුදු 30ක පමණ වයස කෙනෙක් පාර අයිනේ නවත්තලා තිබුන අලුත් කාර් එකක් ලඟ ඉදන් පාරේ යන වාහන වලට අත දානවා.මම මගෙ රෝද 3න් ටවුමට ගිහින් එනකොට මටත් අත දැම්මා.මං හිතුවෙ ඉතින් හයර් 1ක් වත් වෙන්න ඇති කියලා. :)
නවත්තනකොටම අර මනුස්සයා දුවගෙන ඇවිත් "මල්ලි මගෙ කාර් එකේ හීට් එක වැඩි වෙලා වගේ,ඩැශ් බෝඩ් එකේ ඉන්ඩිකේට් කරනවා,පොඩි හෙල්ප්1ක් දෙනවද? " කියල අහුවා.බැ කියන්නත් බැනෙ,මාත් ඉතින් බැහැල බැලුවා.පස්සේ තමා දැක්කේ කාර්1 අතුලේ අක්කා කෙනෙකුත් හිටියා කියල :D



මම එතනට යනකම් එයාලා කාර් එකේ බොනට් එක වත් ඇරලා නැ.පස්සෙ මම බොනට් එක ඇරල රෙදි කෑල්ලකුයි වතුර බෝතලේකුයි එයාලගෙන් ඉල්ලගෙන රේඩියේටර් කප් එක ගලවලා වතුර දැම්මා.එ අතරෙ මේ මිනිහා අහනවා "මල්ලි, මේ පාර්ට් එකටද රේඩියේටර් එක කියන්නේ" කියල.මට හිනා ගියා,මේ මනුස්සයා මෙච්චර වාහනයක් පාවිච්චි කරලත් එක දන්නේ නැනෙ කියලා..
පස්සේ ඒ මනුස්සයම කියනවා "ලර්නර්ස් ගියාට ඉතින් ඩ්‍රයිව් කරන්න විතරයිනෙ මල්ලි කියාදෙන්නේ.." කියලා.
පස්සේ තමා දැනගත්තේ එ මනුස්සයා තුල්හිරිය ප්‍රදේශයේ ප්‍රධාන ඇඟලුම් ආයතනයක මැනේජර් කෙනෙක් කියලා. :)
යන ගමන් ටිකක් අවදානෙන් යන්න කියලා මම එතනින් මාරු උනා.

ඔන්න ඕකයි සිද්දිය... :D

පස්සේ තමා මටත් හිතුනෙ ලර්නර්ස් වල ඩ්‍රයිව් කිරිමට අමතරව වාහනයේ අභ‍යන්තර ක්‍රියකාරිත්වය, කොටස් පිළිබඳ ප්‍රායෝගික දැනුමකුත් එක්කලානම් මේ වගේ හදිසි අවස්ථා වල එය රියදුරන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි කියලා...


මම කොයිතරම් දුරට හරිද වැරදිද කිම ඔබේ යුතුකමක්.. :)

ස්තුතියක් කරන්නත් තියනවා..


එඩෙක්ස් සමඟ ජාවා ශ්‍රි ලංකා ප්‍රදර්ශණයත් සාර්ථකව අවසන් උනා.නොසිතු පිරිසක් බලන්න ඇවිත් තිබුනා.ආපු අයට ජාවා තාක්ෂණය පිලිබද පොඩි අදහසක් හරි ලැබුනා නම් එය අපට මහත් සතුටක්.
කෙසේ හෝ පැමිණි හැමෝටම ගොඩක් ස්තුතියි...!
 
බ්ලොග් තේමාව නිර්මාණය කලේ : සම්පත් සඳරුවන්...