Saturday, January 9, 2010

ජාවා ශ්‍රී ලංකා - 2010 ප්‍රදර්ශනය

අද මම බ්ලොග් එකට ආවේ මගෙ යාළුවන්ට වැදගත් දැනුම් දිමක් කරන්නයි..
(ඡන්ඳ දැන්විමක් නම් නෙමෙයි හොදේ...)


වසර දෙකක් තිස්සේ සාර්ථකව පවත්වාගෙන එන ජාවා ශ්‍රී ලංකා ප්‍රදර්ශනය තුන් වන වරටත් ජනවාරි 15,16,17 යන දින 3 තුල කොළඹ බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේදි පැවැත්වෙනවා.

ඊට අමතරව ජනවරි 19,20 යන දින 2 තුල මහනුවර kandy city center හි දිත් පැවැත්වෙනවා..


මෙවර ජාවා ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පවත්වන්නේ EDEX ප්‍රදර්ශනයත් සමගයි.ඒ හින්දා එන අයට ප්‍රදර්ශන දෙකම දැක බලාගෙන "යාපනෙත් ගිහින් තලගොයිත් මරාගෙන" යන්න පුලුවන්...

ඔන්න මම හැමෝටම ආරාධනා කලා.. කොහොම හරි එන්න, ඇවිත් බලන්න අපේ ප්‍රදර්ශනය.., අපේ වැඩ කොහොමද කියලා.....ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුලූවන් වෙයි ඇවිත් සම්පුර්ණවම ප්‍රදර්ශණය නැරඹුවොත්..

මෙන්න ඔයාලගෙ ආරාධනා පත්‍රය......


ඒවගේම මම ආරාධනා කරනවා ව්‍යාපාරික ප්‍රජාවටත්.. එන්න ඇවිත් බලන්න..ඔයාලට කැමති නම් ඔයාලගෙ ආයතන වලට අවශ්‍ය මෘදුකාංග මිලදි ගන්නත් පුලුවන්.අවශ්‍ය නම් ඔයලට ඕනැකරන විදිහට මෘදුකාංග වෙනස් කරල දෙන්න්ත් අපෙ අයට පුලුවන්..

මේ තියෙන්නෙ ඔයලගෙ ආරාධනා පත්‍රය..

ප්‍රදර්ශණයේ අන්තර්ගතය තුල මෘදුකංග වර්ග 45 කට ආසන්නවත් මෘදුකාංග 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරිමට අපේ අය අදහස් කරගෙන ඉන්නවා..ප්‍රදර්ශනයේ මුලික වි ක්‍රියාකරන්නේ I.J.T.S. ආයතනයේ PCJT හදාරන සිසුන් සමුහයයි..එම නිසා ඒ පිලිබඳව මටත් නිහතමානි ආඩම්බරයක් ඇතිවෙනවා..

ජාවා ගැන කෙටි හැදින්විමක් කළොත් ජාවා කියන්නෙ දැනට ලෝකයේ තියන දියුණුම,අංක එකේ පරිගණක භාෂාව කියල කිවුවොත් මම නිවැරදි..ජාවා පරිගණක භාෂාව වඩාත් ජනප්‍රිය වෙන්න හේතු කිපයක් තියනවා.
ඕනැම මෙහෙයුම් පද්වතියක් සමඟ ජාවා පරිගණක භාෂාව මගින් සාදන මෘදුකාංග භාවිතා කරන්න පුලුවන් විම, ඕනැම කෙනෙකුට ජාවා පරිගණක භාෂාව නොමිලේ භාවිතා කිරිමට පුලුවන් විම ප්‍රධානයි. ජාවා පරිගණක භාෂාව නොමිලේ භාවිතා කිරිමට පුලුවන් විම ශ්‍රි ලංකාව වැනි රට වලට විශාල වාසියක්..
ජාවා පරිගණක භාෂාව 3rd Genaration Computer Language එකක්..
මම හිතනවා කට්ටියට ජාවා පරිගණක භාෂාව ගැන පොඩි අදහසක් හරි එන්න ඇති කියලා...

මෙම ප්‍රදර්ශනය පිලිබඳ විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෙ I.J.T.S. ආයතනයේ නිර්මාතෘ ඉශාන්ත සර්ට, ප්‍රධාන කළමනාකාරණිය වන අසංකා මිස් ටත්, අනෙකුත් ආයතනයේ ගුරුවරුන්ටත් විශාල පිරිවැයක් දරමින් අප හට මෙවැනි අවස්ථා උදා කරදීම පිලිබඳව...


ඔයාලට වෙලාවක් ලැබුනොත් එන්න,ඇවිත් නරඹන්න අපේ ප්‍රදර්ශනය...ස්තුතියි....!!


Friday, January 1, 2010

ආරම්භය..


ආයුබෝවන් ‍යාළුවනේ....
ඔන්න ඉතින් හැමෝටම ලැබුවා වු නව වසර සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!!

ඔන්න ඉතින් මාත් අලුත් අවුරුද්දේ අලුත් වැඩක් පටන් ගත්ත...බ්ලොග් කෙරුවාව නම් ඉතින් අලුත් වැඩක් නෙමෙයිනෙ මට..ඒත් සිංහල බ්ලොග් ගැන කතා කරන කොට එක අලුත් දෙයක් මට..

මේක මගෙ හිතේ ගොඩක් කල් ඉදන් තිබුන දෙයක්..අපේ කණියා (කණිෂ්ක අයියා) ගෙ බ්ලොග් එක දැක්ක දවසෙ තමයි මටත් හිතුනෙ සිංහල බ්ලොග් එකක් කරන්න ඕනෙ කියල...ඔන්න කණි අද තමා වැඩේ පටන් ගත්තේ. :D

මම බලාපොරොත්තු වෙනවා මගෙ යලුවො ටික මගෙ සිංහල බ්ලොග් එක වටාත් එකතු වෙලා ඉදි කියලා..
කෙසේ වෙතත් සිංහල බ්ලොග් එකක් පටන් ගන්න මට ගොඩක් උදවු කරපු අය කිප දෙනෙක් ඉන්නවා.එයලව අමතක කරන එක හොඳ නැ..

ගයාන් කණිෂ්ක අයියායි, ප්‍රභාත් දර්ශන සහෝදරයයි, යොහාන් කණිෂ්ක මල්ලි.. තමයි ඉතින් ගොඩක් සහයෝගය දුන්නේ..
තුන්දෙනාටම ගොඩාක් ස්තුති......

එහෙනම් ඉතින් අනාගතේදි රසවත් ලිපි පෙලකින් ඔබව හමු විමේ බලාපොරොත්තුවෙන් දැනට මම නවතිනවා...

හැමෝටම සුභ අනාගතයක් වේවා....!!!


 
බ්ලොග් තේමාව නිර්මාණය කලේ : සම්පත් සඳරුවන්...